බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
එහි ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි අනාවරණය වන්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වන්නේ.
බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.