එළවළු මිලෙහි වෙනසක්

එළවළු මිල ගෙවුණු කාල සීමාවේ දී ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් වාර්තා විය.
නමුත් එය මේ වන විට යම් පහළ බැසීමක් දක්නට ලැබෙයි.

ඒ අනුව එළවලු බොහොමයක කිලෝව රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි වේ.

ඒ බව සිල්ලර එළවලු වෙළෙදුන් සඳහන් කළේ ය.

මේ අතර, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරට උද්ධමනය පහළ ගොස් තිබුණත් භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බව‍ ය.