ටවල් 17ක තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා (1) පැවති Global Man and Women International 2024 තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි ඉසව් සදහා එක් වූ වරුණි ගුණසේකර සහ රූබන් ඛාන් ශ්‍රී ලංකා නාමය රනින් සැරසීමට සමත් වී තිබෙනවා.
Miss Global International 2024 කිරුළත් Master Mister Global international 2024 තරගය පසුගිය මාර්තු මස 28 වනදා ආරම්භ කර ඇති අතර, තරගයේ අවසන් වටය සහ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීම අප්‍රේල් 1 දා උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ වරුණි ගුණසේකර මෙණෙවිය සහ රූබන් ඛාන් මහතා ප්‍රථම ස්ථාන හිමි කරගෙන තිබේ. ජයග්රහණයෙන් පසු වරුණි සහ රූබන් මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තරගයේ ජාතික අධ්යක්ෂ මයුර පෙරේරා මහතා ප්‍රකාශ කළේය.