කේට් කුමරිය සහ චාල්ස් රජු අසනීපයෙන්

වේල්සයේ කුමරිය වන කේට් ආදිපාදවරිය හදිසි සැත්කමකට බඳුන් වී තිබෙනවා.

ඒ, හඳුනා නොගත් නමුත් පිළිකාවක් නොවන උදරගත රෝගී තත්ත්වයක් හේතුවෙනි.

මේ අනුව තවත් මාසයක පමණ කාලයක් ඇය රාජකීය රාජකාරිවලින් ඉවත් ව සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද ලබන සතියේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නියමිත ව සිටින බව රාජකීය පවුල අනාවරණ කර තිබෙනවා.

පුරස්ථ ග්‍රන්ථියට සම්බන්ධ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන රජු ද කෙටි කාලයක් රාජකාරිවලින් බැහැර ව සිටින බවයි වාර්තා වන්නේ.