පාකිස්තානයේ පැතිර යන නිව්මෝනියාව හේතුවෙන් ළමුන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඒ අනුව එම මරණ පන්ජාබ් පළාතෙන් වාර්තා වෙන බවද සඳහන් වන්නේ.
එමෙන්ම ලාහෝර් නගරයෙන් නියුමෝනියා රෝගීන් 1062ක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ජනවාරි මාසයේ මේ දක්වා පමණක් ලාහෝර් හි රජයේ රෝහල්වලින් වාර්තාවී ඇති නියුමෝනියා රෝගීන් සංඛ්‍යාව 780 කි.
පන්ජාබ් පළාතෙන් ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති නියුමෝනියා රෝගීන් සංඛ්‍යාව 4900 ක් බව ද සඳහන් ය.
දරුවන් නියුමෝනියාවෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජනවාරි 31 දක්වා පාසල්වල උදෑසන රැස්වීම පැවැත්වීම තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.