
ශ්රී ලංකාව කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද (18) පැවැති දෙවෙනි එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගය පැවැත්වුණේ හම්බන්තොටදී ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 31ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව කාන්තා කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 93ක් ලබා ජයග්රහණය වාර්තා කිරීමට සමත් විය.