තායිවානය සහ ඉන්දියාව අතර බැඳීම

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සුබපැතුම් එක් කරමින් තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ලෝකයේ පුද්ගල කොට්ඨාස 02ක් සිටින බවය. 

ඉන් කොටසක් ඉන්දියාව සමග බැඳෙන්නට කැමැත්තෙන් සිටින පුද්ගලයින් සහ අනෙක් කොටස වන්නේ ඉන්දියාව සමග දැනටමත් බැඳී සිටින පිරිස බවය.

ඒ අතරින් තමන් අයත් වන්නේ දෙවන කොට්ඨාසයට බව ද තායිවාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.