
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය නිල වශයෙන් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගාවලිය සඳහා සනත් ජයසූරිය සිය පළමු දායකත්වය ලබා දෙනු ඇති.
සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසට ද කටයුතු කරයි.
