LPL 2024 – දඹුල්ල සහ කොළඹ සටන අද

උණුසුම් Lanka Premier League – LPL 2024හි 20වන තරඟය Dambulla Sixers කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අද (16) රාත්‍රී 07.30ට කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිට LPL 2024 අදියරයෙහි තරඟ 19ක් පවත්වා ඇති අතර එහිදී තරඟ 07කින් තරඟ 04ක් ජයග්‍රහණය කර Colombo Strikers කණ්ඩායම ප්‍රසාද ලකුණු 08ක් ද සමඟින් 03 වන ස්ථානයෙහි පසුවන අතර, අවසාන තරඟ 02කම පරාජයට පත්වූ Dambulla Sixers කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි අවසානයෙහි (05 වන ස්ථානය) රැඳී සිටින්නේ තරඟ 07කින් තරඟ 05ක් පරාජයට පත්වීම හේතුවෙනි

Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් Reeza Hendricks තරඟ 05කදී ලකුණු 224ක් ද, Nuwan Thushara තරඟ 05ක දී කඩුළු 08ක් ද ලබා ගනිමින් කණ්ඩායම තුළ වැඩිම ලකුණු සහ කඩුළු බිඳහෙලීම් ඔවුන් සතු කරගෙන සිටී. Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips තරඟ 07ක දී ලකුණු 237ක් ද, Shadab Khan තරඟ 07ක් තුළ කඩුළු 16ක් බිඳ හෙළා ඇති අතර Shadab Khan මෙතෙක් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා ද වේ.

දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් තරඟ 10ක් එකිනෙකා හමුව ඇති අතර එහිදී දඹුල්ල තරඟ 07 ක් සහ කොළඹ තරඟ 03 ක් බැඟින් ජයග්‍රහණය කර ඇත.