ආසියානු කුසලානයේ තරඟ මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන 2024 කාන්තා T20 ආසියානු කුසලානයේ තරඟ දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරඟාවලිය 2024 ජූලි 19 වන දින ආරම්භ වෙයි.

ආරම්හක දිනයේ දී තරඟ 02ක් පැවැත්වීමට නියමිත අතර ප්‍රථම තරඟය ප.ව 02.00ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර පැවැත්වෙන අතර ඉන්දියාව හා පකිස්ථානය අතර තරඟය රාත්‍රී 7.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි තරඟ මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා රාත්‍රී 7.00ට පැවැත්වෙයි.

2024 කාන්තා ආසියානු කුසලානය සඳහා මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්ත කණ්ඩායම් දැනටමත් දිවයිනට පැමිණ ඇති අතර පකිස්ථානය, බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම් හෙට(17) පැමිණීමට නියමිත බවත් වාර්තා වනවා.