ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි තරගය අද

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) පැවැත්වෙනවා.

ඒ මැලේසියාව සමඟයි. තරගය අද පස්වරු 2.00ට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.

පසුගිය දා පැවති තරගවලදී තායිලන්තය ලකුණු 22 කින් මැලේසියාව පරදා “බී” කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පත්වූ අතර, ශ්‍රී ලංකාව දෙවෙනි තැන පසුවෙයි.