වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල පහළට

අයි.සී.සී මඟින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන්ගේ හතරවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබෙනවා.
ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැන්ව සිටිනවා.

ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූවා.

එලෙසම අයි.සී.සී මඟින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා T20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින් 6 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රමද එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 20 වන ස්ථානයේ රැඳී සිටින අතර නවතම කාන්තා T20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 17 වන ස්ථානයේ රැඳී සිටීමට කවීෂා දිල්හාරි සමත් වෙයි.