සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ අනුව සිරියානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අදාළ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ යොදවා සිටි අමෙරිකානු සෙබළුන් කිහිපදෙනෙකු ද එම කඳවුරේ රැඳී සිට ඇති බව ද සඳහන් වනවා.
ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව මැදපෙරදිග සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් මිය ගිය පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.