බංගලාදේශයේ නවතම තත්වය මෙන්න

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරනුයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසුන් කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවය.

බංග්දේශ අගමාත්‍ය ෂීක් හසීනා රටින් පළා යාමත් සමඟ ශිෂ්‍ය නායකයින් හමුදා රජයක් පිළිනොගන්නා බවට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අන්තර්වාර පාලනයකට නායකත්වය දීමට යුනුස් මහතාගේ නම යෝජනා වී ඇති බව සඳහන්.

මෙම තනතුර භාර ගැනීමට එකඟ වූ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් මහතා පවසා ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ නොහැකි බවය.

බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ රට ගොඩ ගැනීම සඳහා කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවීම අවශ්‍ය බවය.