මංතීරු කඩ කිරීම හේතුවෙන් අරුණ දර්ශන තරඟාවලියෙන් ඉවතට

මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අරුණ දර්ශනගේ තරඟ ප්‍රතිඵලය අවලංගු කිරීමට ඔලිම්පික් විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට තරඟ වැදුණු අරුණ දර්ශන තත්පර 44යි දශම 75ක කාලයක් වාර්තා කරමින් එහි 05 ස්ථානය ලබාගැනීමට සමත්විය.

තරග නීති රීති අනුව තරග ආරම්භයේ සිට මීටර් 400 අවසන් වනතුරු ඔහුට නියමිතව තිබූ මංතීරු අංක 4 පමණක් භාවිතා කළ යුතු වුවද මීටර් 200ක් පමණ දිව යද්දී 3 වැනි මංතීරුව ස්පර්ශ කිරීමේ වරදට අරුණ දර්ශනගේ ඉරණම තීරණය වූවේය.