විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසනවා. එනම් ඊයේ (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බව එම ඒජන්සිය නිවේදනය කළේය.
එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව සඳහන් ය.
එම සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල විය. (සූර්ය කෝෂ සඳහා සූර්ය එළිය යොමු නොවීම හේතුවෙන්)
එම යානය ජනවාරි 20 වනදා සඳ මත ගොඩබෑවේය.
ඒ සමගම සඳ මතට යානයක් යැවූ 5 වැනි රට බවට ජපානය පත්විය. ඒ අනුව ඊට පෙර අමෙරිකාව, සෝවියට් රුසියාව, චීනය සහ ඉන්දියාව, සඳ මත යානයක් ගොඩ බැස්සවීමට සමත්විය.