දේශපාලන පොරපිටිය උණුසුම් වෙද්දී කොටස් වෙළෙඳපොළේ සුපිරි පිබිදීමක්

,

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (15) දිනයේ දී දැකගත හැකිවිය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.60 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 42.79කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.03% ක හා 1.31% ක වර්ධනයකි.

ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,531.31 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,308.89 ක් ලෙසත් සටහන් වුණි