ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන මාරියා බ්‍රැන්යාස් මොරේරා නම් කාන්තාව මිය ගොස් තිබෙනවා.

මිය යන විට අගේ වයස අවුරුදු 117 වන අතර ඉකුත් දශක දෙක තුළ ඇය ජීවත් වූයේ ස්පාඤ්ඤයේ ‍”ඔලොට්” නගරයේ සැන්ටා මරියා දෙල් තුරා සාත්තු නිවාසයකයි.

ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා.

1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලැබූ ඇය, පසුව ස්පාඤ්ඤය වෙත පැමිණ ඇත්තේ, කුඩා කාලයේ දී පවුල්ලේ සාමාජිකයන් ද සමගින්.

ඇයට දරුවන් තිදෙනෙක් සිටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ