තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ සඳහා වන නීති රෙගුලාසි සකසා සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්රඥප්තියක් සකස් කරන බව ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේය.
රටේ ආර්ථිකය වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකසා ඇතැයිද හෙතෙම කියා සිටියේය.