මහ බැංකුවෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූයේ ණය ලබාගෙන අපහසුතාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 99% ක්ම රුපියල් මිලියන 25 ට වඩා අඩු ණය මුදලක් ලබාගත් අය බව මුදල්, ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම පැවැසීය.
මාර්තු මාසයෙන් පසුව පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවද ඔහු කියා සිිටියේය.
‘ආර්ථික ස්ථායිකරණය සහ ජනතාවට සහන සැලසීම’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
මහ බැංකුවෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූයේ ණය ලබාගෙන අපහසුතාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 99%ක්ම රුපියල් මිලියන 25 ට වඩා අඩු ණය මුදලක් ලබාගත් අය බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මෙම පුද්ගලයන්ට සහනයක් ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් පමණ කල්දමා තිබෙන බවත්, ණය ලබාගෙන අපහසුතාවට පත්ව සිටින 99%ක් වූ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීමේ සහන කාලය මාස 12 කින් දීර්ඝ කර තිබෙන බවද ඔහු පැවසීය.
ව්‍යාපාරිකයන් රැසක් මේ වනවිට අසාදු ලේඛනගතවී (CRIB) සිටින බවත්, මීට අදාළව සහනයක් ලබාදෙන ලෙස මහ බැංකුවට දැනුවත් කර ඇති බවත්, ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන ලෙසද මුදල් අමාත්‍යාංශය හරහා මහ බැංකුව දැනුවත් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම අඩු පොලියකට යටත්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන ලෙසද දැනුම්දී ඇතැයි ද ඔහු කියා සිටියේය.
ආර්ථිකය කඩා වැටුණු වසර දෙකක කාල සීමාව තුළදී මෙම ව්‍යාපාරික ප්‍රජාවගෙන් විශාල පොලියක් අය කරගෙන තිබෙන බවත්, ඊටද සහනයක් ලබාදෙන ලෙස මහ බැංකුව හරහා බැංකු පද්ධතිය දැනුවත් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
හිතූ මනාපයට පොලී අය නොකරන ලෙස බැංකු පද්ධතියට දැනුම්දී ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පිරිසකට බැංකු විසින් නඩු පවරා තිබෙන බවත් අදාළ සහන කාල සීමාව තුළදී කිසිදු නඩු කටයුත්තක් සිදු නොකරන ලෙස දැනුම් දී ඇති බවත් ඔහු පැවැසීය.
ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින අයගේ දේපොළ වෙන්දේසි කර අලෙවි කරන්නේ නම් ඊට නිසි අගයක් ලැබිය යුතු බවත් එය විනිවිද භාවයෙන් සිදු කරන ලෙසද බැංකු පද්ධතියට දැනුම් දෙන බවත් ඔහු කියා සිටියේය.