කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා රංගන ශිල්පිනයක වන දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කළා.
පෙත්සම්කාර දමිතා අබේරත්න විමර්ශණ කටයුතු සඳහා පැමිණිල්ලට සහය නොදී විමර්ශන කටයුතු මග හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඈ) වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කර තිබීමත් හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇප දීමට තමන්ට බලයක් නැතැයිද අපේක්ෂිත ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.