මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසා ඇත.
එමෙන්ම එහිදී මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බව ඔහු පෙන්වා දුන් අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ,
“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.” යනුවෙනි.