ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
ඒ, අනුර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති බවට චෝදනා කරමින් දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල ගොනුකර තිබෙනවා.
යාපනය ප්‍රදේශයේදී අනුර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවද පැමිණිල්ල ගොනු කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කර ඇත.