අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලාව ප්රදේශයට කඩාවදින රිලා රංචුවක් හේතුවෙන් එම ප්රදේශයේ ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබේ.
ප්රදේශයේ ජනතාව පවසන්නේ මෙලෙස කඩාදින රිලා රංචුව විසින් එම ප්රදේශයේ ජනතාව වගාකර තිබෙන පොල්, කෙසෙල් ඇතුළු බෝග වර්ගවලට මෙන්ම නිවාස වල තිබෙන බඩු බාහිරාදියට මෙම රිලවුන් දැඩිලෙස හානි සිදුකරන බවයි.
ඒ හේතුවෙන් මේ වන විට මෙම ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.
වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් ඊට නිසි විසදුම් තවමත් ලබා නොදුන් බව මෙම ප්රදේශයේ ජනතාව පෙනක්වා දෙති.
එම නිසා තවදුරටත් මෙම ගැටලුව උත්සන්න වීමට ප්රථමව මෙම රිලා ගැටලුව සදහා නිසි විසදුමක් ලබා දෙන ලෙස ප්රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.