අයවැයේ ඇස්තමේන්තුගත වියදම බිලියන 2600ක් අනිල් ජයන්ත මහතා පවසයි

ලබන වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අනුව එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 2600 ක් වෙනවා යනුවෙන් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ව පවති.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් බිලියන 220.06ක්.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහාවෙන් කර ඇති මුදල රුපියල් බිලියන 186.02ක්.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්,

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද,

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්,

එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක්,

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36ක් ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබෙනවා.