අලින්ගෙන් පරෙස්සම් වෙන්න කියා ගහපු බෝඩ් අලින්ම කඩා දමයි

මාතලේ දිස්ත්‍රික්කයේ මොරගහකන්ද ජලාශයේ රක්ෂිතයට යන මාර්ගවල අලි තර්ජන පවතින බවට අනතුරු අඟවමින් රජය මගින් සවිකර තිබූ පුවරු වන අලින් කඩා බිඳ දමමින් තිබෙන බව වාර්තා වේ.

නිලධාරීන් සඳහන් කරන්නේ එම කඩා දමා ඇති අනතුරු අඟවන සංඥා පුවරු මගින් පැහැදිලිවම පෙනෙන්න්නේ වන අලින් නිතර ගැවසෙන ස්ථානවල අනතුරු ඇඟවීමේ සංඥා සවිකර ඇති බවයි.

කෙසේවෙතත් අනතුරු අඟවන සංඥා පුවරු කැඩී ඇති නිසා මෙම ප්‍රදේශයේ වන අලි ගැවසෙන බව නොදන්නා සංචාරකයන්ට මෙය අනතුරක් වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දී තිබේ.