අලුත් පාර්ලිමේන්තුවේ දී පළමු දවස

සවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේ දී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට ඇති බවයි.

මෙසේ තේරීපත්වන මන්ත්‍රීවරයන් සහභාගී වන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.