අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි

වෙනිසියුලාවේ පිහිටා තිබූ අවසන් ග්ලැසියරය වන්නේ ලා කොරෝනා එනම් හම්බෝල්ට් ග්ලැසියරය යි.

මේ වනවිට එම ග්ලැසියරය දියවීම වේගවත් වී අයිස් පෙතක් බවට පත්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මෙය ගෝලීය කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵල මැනවින් පෙන්නුම් කරන තත්ත්වයක් බව විද්‍යාඥයින් පවසනවා.