ආනයනය කරන වාහනවල සත්‍යතාව තහවුරු කිරීමට නව ක්‍රමවේදයක්

මේ අතර නීත්‍යානුකූලව ආනයන කළ වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

නීත්‍යානුකූලව ආනයනය කළ වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දුන් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

වාහනයේ චැසි අංකය ඇතුළත් කිරීමෙන් එහි නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමට ජනතාවට පහසුකම් සැළසෙනවා.

එම ඔන්ලයින් ක්‍රමවේදය 2002 වසරෙන් පසුව ආනයනය කළ සියලු මෝටර් රථවල තොරතුරු ඇතුළත් .

2011 වසරෙන් පසු ආනයනය කළ සියලු යතුරුපැදි පිළිබඳ තොරතුරු ද ඊට ඇතුළත් වනවා.

නීති විරෝධීව ගෙන්වන ලද වාහන සංසරණය අවම කිරීම සහ මෝටර් රථ වෙළපොලේ විනිවිදභාවය ඇති කිරීම ද මෙහි අරමුණ බවයි රේගුව පෙන්වා දෙන්නේ.

වාහන ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ද සිය ගණු දෙණු පහසුකර ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.

ආරක්ෂිත හා දැනුවත් වාහන ගණුදෙණුවක් වෙනුවෙන් මෙම සේවාව භාවිත කරනලෙසයි රේගුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.