පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කර ඇති බව රේගූ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ලැබී ඇති සහල් තොග අතරින් මෙට්‍රික් ටොන් 1600ක් තම්බපු සහල් මෙන්ම කැකුළු සහල් මෙට්‍රික් ටොන් 680ක් පමණ ඇති බවය.
මෙම සහල් තොග නිෂ්කාශනය කිරීමට පෙර ආහාර පරීක්ෂකවරුන්ගේ සහ ශාක නිරෝධායන කාර්යාලයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.
ආනයනය කරනු ලැබූ මෙම සහල් තොග ආනයනකරුවන් වෙත ඉතා ඉක්මනින් මුදා හැරීමට සඳහා ශ්‍රී ලංකා රේගුව ප්‍රමුඛතාව ලබා දී ඇතැයිද ලැබී ඇති සහල් තොග අතරින් මේ වනවිට 90%කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති බවද අතිරේක රේගු අධ්යක්ෂවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ ඉතුරු සහල් තොග නිදහස් කරගැනීම සඳහා වූ ක්‍රියාවලීන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් ද පවතින බවය.