ආබාධයකට ප්‍රතිකාර ගැනීමට ඩුබායි ගිය දසුන්ට ඩොලර් 10,000ක දඩයක්

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගියදා (පෙබරවාරි 02) දේශීය තරගයක දී සිදු වූ ආබාධයක් තිබියදීත් විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කරමින් ගිවිසුම් උල්ලංඝනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමිනි.