ආයතන 21ක තහනම් පිරමීඩ වංචාවක්

ආයතන 21ක් බැංකු පනතේ වගන්තිය උල්ලංඝණය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිවේදනය කළේ, සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම තොරතුරු අනාවරණය වූ බවයි.

නිශ්චය කොට ඇති සමාගමක නාමය හෙළිදරව් කිරීම එම සමාගම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව අත්හිටුවා ඇතැයි ද මහ බැංකුව සඳහන් කළේ ය.