වගාවන් ආරක්ෂා කරගැනීමේ කටයුතු වෙනුවෙන් පමණක් ගිනි අවි සඳහා අවසර දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, සෙසු අවශ්‍යතා සඳහා දැනට ගිනි අවි නිකුත් කිරීම සීමා කර ඇති බවයි.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් පුද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදීමට ලබන 20 වැනි දා දක්වා අවස්ථාව පවතී.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ඉන් පසු ගිනි අවි භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
මේ අතර සිවිල් පුද්ගලයින්ට ආරක්ෂක අමත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධ විගණනය තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.