මේ දිනවල උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු සවි එසවීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට නදීකා හේමන්ති සමත් වූවාය.
ස්කොට් ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 107.5 ක්, බෙන්ච් ප්‍රෙස් ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 52.5ක් මෙන්ම ඩෙඩ් ලිෆ්ට් ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 150ක් වශයෙන් මුළු බර කිලෝ ග්‍රෑම් 310ක් ඔසවමින් ඇය විසින් අදාළ දක්ෂතාවය දැක්වීය.
එහිදී ඩෙඩ් ලිෆ්ට් ඉසව්වෙන් ඔසවන ලද කිලෝ ග්‍රෑම් 150 ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වීම කැපී පෙනෙන කාරනයක් වූ අතර කිලෝ ග්‍රෑම් 147ක්ව පැවැති වාර්තාවද නදීකා විසින්ම මේ වසරේදී පිහිටුවා තිබීම විශේෂත්වයකි.
එම කාණ්ඩයේ මුළු කිලෝ ග්‍රෑම් 284ක් සහ 270 වශයෙන් එසවූ චීන තායිපේ ක්‍රීඩිකාවන් දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ට පත් වූවාය.
පස්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලබන 6 සහ 7 යන දෙදින තුළ තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී කණ්ඩායමට ඇතුළත් වූ එකම ක්‍රීඩිකාව නදීකා වීමද විශේෂත්වයකි.