ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් පසුව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණි.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, මෙවර පුංචි ඡන්දය සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් ද්විත්වයක් එක්ව සිටින බවයි.
අද දින පෙරවරු 09 සිට මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඇරඹුණා.
එවන් පසුබිමකදියි මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බවට දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.