ඉන්දියාව නොසිතූ ලෙස රත්වෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

අද දිනයේ එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය තුළ ප්‍රාන්ත බලධාරීන් විසින් ජල හිඟය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.

මිලියන 30 කට වැඩි ජනගහනයක් සිටින දිල්ලි නගරයේ ජනතාවට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන් වෙයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන තාප තරංග තීව්‍ර වීම මෙම තත්වයට හේතුවී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.