ඉන්දියාව පළමුවරට න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් දියත් කරයි

ඉන්දියාව විසින් පළමුවරට සිය නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS Arighaat (අයිඑන්එස් අරිහාත්) සබ්මැරිනය හරහා න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් දියත් කිරීමේ පරීක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇත.

ඉන්දීය නාවික හමුදාව වෙත එක්වූ නවීනතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS Arighaat (අයිඑන්එස් අරිහාත්) සබ්මැරිනය හරහා දියත් කරනු ලැබුවේ K-4 නම් න්‍යෂ්ටික බලයෙක් ක්‍රියාත්මක බැලැස්ටික් මිසයිලයකි.

මෙහිදී බෙංගාල බොක්ක ප්‍රදේශයේ සිදුකළ මෙම අත්හදා බැලීම හරහා බැලැස්ටික මිසයිලය දියත් කරනු ලැබුවේ ද ජලය අභ්‍යන්තරයේ සිට වන අතර, K-4 නම් න්‍යෂ්ටික බලයෙන් සමන්විත බැලැස්ටික් මිසයිලය හරහා චීනයේ බෙයිජිං අගනුවර සහ පාකිස්ථානය පහසුවෙන් ඉලක්ක කළ ද හැක.