ඉන්දුනීසියාවට බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුවී ඇති බව සඳහන්ය.
පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර ඇති බව විදෙස් වාර්තා කළේය.
පසුගිය මාර්තු මාසයේ බටහිර සුමාත්‍රා ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබිණි.