ඉන්දුනීසියාවේ ඇතිව තිබෙන ගං වතුර සහ සීතල ලාවා ගලායාමෙන් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 27 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි එරට බලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගියදා බටහිර ඉන්දුනීසායාවේ හල්මහෙර දූපතේ පිහිටි මෙම ඉබූ ගිනිකන්ද පුපුරා යාම මෙම ගං වතුර තත්ත්වයට හේතුව වන බව සඳහන්.
සුමාත්‍රා දූපතට පැය කිහිපයක අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර එහි දිස්ත්‍රික්ක දෙකකට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එම දූපතේ වඩාත්ම ක්‍රියාකාරී මරාපි ගිනි කන්දෙන් පහළට ඇද හැලෙන අළු සහ විශාල පාෂාණ වර්ෂාවෙන් පසු දහස් ගණන් මිනිසුන්ට තර්ජනයක් එල්ල කරන බව වාර්තා වනවා.
පුද්ගලයින් 3,396 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.