උගන්ඩාව ට ජය 

උගන්ඩාව සහ පැපුවා නිව්ගීනියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩයේ තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට උගන්ඩා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණය වාර්තාගත වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී උගන්ඩාව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසට යි.

ප්‍රොවිඩන්ස් හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම රැස්කළේ ලකුණු 77ක් පමණි.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 78 කඩුලු 7ක් දැවී ලබාගැනීමට උගන්ඩාව සමත් විය.