උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද (24) ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි.
එමෙන්ම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය .
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් යොදවා ඇති බවයි.