උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, අද (31) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙනවා යනුවෙනි.
එමෙන්ම උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගතවන අතර එය තවදුරටත් අඩුකරගන්න කටයුතු කරනවා අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.