පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.