ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබෙනවා.
ඊයේ (05) මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය.