එන්නත් ගේන්න ලංසු කැඳවයි

හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වලක්වා ගැනීම පිණිස භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000 ක් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 3 ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මේ අතර මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000ක් සපයා ගැනීම් සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබුණු අතර ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd. වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.