කටුනායකින් පන්නන්න හැදූ රන් මාල සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලියක ට්‍රොලි කරත්තයෙහි සෙලෝ ටේප් යොදා මෙම මාළ දෙක අලවා සඟවා, නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.