කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම බුත්තල ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩම තෙවැනි පාර්ශ්වයට ඍජුව බදු දීමට තීරණය කර ඇත. මෙම ගනුදෙනුවේ ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දුන් පෞද්ගලික සමාගම රත්රන් හා සම්බන්ධ ව්‍යාපාර කරන්නන් වන අතර තෙවැනි පාර්ශ්වය කෙසෙල් වගාවට සම්බන්ධ ප්‍රකට සමාගමකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මේ සම්බන්ධව ලද මහජන පෙත්සමක් බෞද්ධ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් පසු මෙම සිද්ධියට විහාර දේවාලගම් පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත උපදෙස් දී ඇත.
බුත්තල පිහිටි කතරගම දේවාලයට අයත් අක්කර පන්සිය පනහක අදාළ පෞද්ගලික සමාගම බදුගෙන ඇත්තේ තිස් වසරකටය. වසරකට රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක බද්දක් ගෙවීමේ පදනම මත මෙම ඉඩම කතරගම දේවාලයෙන් බදුගෙන ඇත. එලෙස බදුගත් ඉඩම මෙරට කෙසෙල් වගාකර අපනයනය කරන බහුජාතික සමාගමකට යළි බදු දී ඇත්තේ වසරකට රුපියල් කෝටියකට අධික මුදලකට බව අනාවරණය වී ඇත. පසුව බස්නායක නිලමේවරයා මේ සම්බන්ධව විමර්ශන අරඹා තිබෙයි.