කර්මාන්ත සහ හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි

මිල සංශෝධනයේදී කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

විදුලි බිල ජනවාරි මස 17 රාත්‍රී 12.00 සිට අඩු කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.