කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තුනක් අද දිවයිනට

ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 08 ක ක්‍රීඩිකාවන් සහභාගී වන , ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය මේ මස ජූලි මස 19 දින සිට ජූලි මස 28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , නේපාලය , ඉන්දියාව , පකිස්තානය , මැලේසියාව , තායිලන්තය සහ බංග්ලාදේශය යන රටවල ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05 ක ක්‍රීඩිකාවන් මේ වනවිට මෙම තරගාවලිය සදහා සහභාගී වීමට මෙරටට පැමිණ තිබේ.

එසේම ජූලි මස 16 දින පස්වරු 03.40 ට බංගලදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් , පස්වරු 05.30 ට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් සහ රාත්‍රී 10.10 ට පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් මෙම තරගාවලියට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.