කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් 41 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව සඳහන් වෙයි.
තුවාල ලැබූ පිරිස 50ක් පමණ වෙයි.
එම ඉදිකිරීම් සමාගමේ සේවකයින් 160 දෙනෙක් පමණ එහි වාසය කර තිබෙනවා.